Homeසියලුම පුවත්ගංගා ආශ්‍රිත ප්‍රදේශවලට ලැබෙන වැසි ප්‍රමාණය පහළට

ගංගා ආශ්‍රිත ප්‍රදේශවලට ලැබෙන වැසි ප්‍රමාණය පහළට

.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කළු, කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ (16) දිනය තුළ ලැබුණු වර්ෂාපතනයේ අඩුවීමක් නිරීක්ෂණය වූ බවයි.
කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එය ඊයේ දිනයේ එම ගංගා ද්‍රෝණි ප්‍රදේශවල වාර්තා වූ ඉහළම වර්ෂාපතනය බව සඳහන් වේ.
එමෙන්ම අත්තනගලු ඔය සහ කැලණි ගඟ ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 60ත් 70ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් සෙසු ගංගා ආශ්‍රිත ප්‍රදේශවලට මිලිමීටර් 25ට අඩු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වනවිට අවදානම් මට්ටම දක්වා පහත බැස ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments