Peradeniya ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් හිමිනමක් අපවත් වී ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (16) පේරාදෙණිය රජවත්ත මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර, මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ හිමිනමකගේ ගැටී අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
බරපතළ තුවාල ලැබූ හිමිනම රෝහල්ගත කිරීමෙන් අනතුරුව අපවත් වී ඇති අතර, අපවත් වී ඇත්තේ වයස අවුරුදු 83ක් වූ බෝවලවත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩවාසය කළ හිමිනමක් බව පොලීසිය සඳහන් කරයි.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
ලොරි රථයක ගැටීමෙන් හිමි නමක් අපවත්

