2009 සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ සිදුකළ ගල්අඟුරු ආනයන කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
මෙම කොමිසම ගල්අඟුරු ආනයනය, එමඟින් විදුලිය උත්පාදනය කිරීම සහ ඒ ආශ්‍රිතව සිදුවූ බව කියන අක්‍රමිකතා හා නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිතය.
අදාළ කරුණු සම්බන්ධයෙන් තොරතුරු ඇති මහජනතාවට හෝ ආයතනවලට මැයි 22ට පෙර තම තොරතුරු කොමිසම වෙත ලබාදෙන ලෙස දැනුම් දී ඇත.
මෙම කොමිසම අනුර කුමාරෙ දිසානායක මහතාගේ උපදෙස් මත පත්කර තිබේ.
ගල්අඟුරු ගනුදෙනු සොයන ජනපති කොමිසම වැඩ අරඹයි

