Homeසියලුම පුවත්ග්‍රාමීය බැංකුවක රන් ආභරණ කොල්ලයක්

ග්‍රාමීය බැංකුවක රන් ආභරණ කොල්ලයක්

මොරගහහේන කෝරලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවකට අද (23) අලුයම කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු සේප්පුව බිඳ එහි තිබූ රන් ආභරණ තොගයක් කොල්ලකා පලාගොස් තිබේ.
පොලිස් තොරතුරු අනුව, අලුයම 1.00ට පමණ බැංකු පරිශ්‍රයට ඇතුළු වූ සැකකරුවන් එහි සේවයේ නිරත ආරක්ෂක නිලධාරීන් බැඳ දමා, බැංකුවේ පිටුපස නාන කාමරයේ ජනේලයක් ඔස්සේ ගොඩනැගිල්ල තුළට ඇතුළු වී ඇත.
අනතුරුව සේප්පුව කඩා එහි සුරක්ෂිතව තැන්පත් කර තිබූ රන් ආභරණ රැගෙන සැකකරුවන් පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments