දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ඔක්තෝබර් 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, අදාළ නඩුව අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය. 0
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. 1
අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ, විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසාදීමට සැකකරු ක්‍රියා කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.
එම සමාගම්වලට පොස්පේට් අපනයනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගෙන ඇති බවටද අල්ලස් කොමිසම චෝදනා කරයි. 2
මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.
“`3

