Homeසියලුම පුවත්ජනපතිගේ ජන රැලි මාලාව අද කළුතරින් ඇරඹේ

ජනපතිගේ ජන රැලි මාලාව අද කළුතරින් ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජන රැලි මාලාව අද (06) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” යන තේමාව යටතේ මෙම ජන රැලි මාලාව පැවැත්වීමට නියමිතය.

එහි පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද පස්වරුවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව බුලත්සිංහල සහ බේරුවල නගරවල ජන රැලි පැවැත්වීමට නියමිත අතර, පළමු රැලිය අද පස්වරු 2.00ට බුලත්සිංහලදී ආරම්භ වන අතර පස්වරු 3.30ට බේරුවල ජන රැලිය පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments