Homeසියලුම පුවත්ජල සැපයුම ගැන ජල සම්පාදනයෙන් විශේෂ දැනුම්දීමක්

ජල සැපයුම ගැන ජල සම්පාදනයෙන් විශේෂ දැනුම්දීමක්

දැනට පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් වුවද, රටේ කිසිදු ප්‍රදේශයකට ජල සැපයුම සීමා කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ජලය ලබා ගැනීම සඳහා කිසිදු සීමාවක් පනවා නොමැති බැවින් මේ වනවිටත් උපරිම ජල නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යන බවයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස පහළ ගොස් අදාළ ආයතන සීමාවන් පැනවුවහොත්, ඒ අනුව ජල සැපයුම සීමා කිරීම ඇතුළු පියවර ගැනීමට සිදුවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments