යුද ජයග්රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්රාහී සැමරුම් උත්සවය” හෙට (19) අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම සැමරුම් උත්සවය රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙන අතර, එය සංවිධානය කරනු ලබන්නේ රණවිරු සේවා අධිකාරිය විසිනි.
මෙවර සැමරුම් උත්සවයේ විශේෂත්වයක් ලෙස උතුරු සහ නැගෙනහිර ප්රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් පළමු වරට සහභාගී වීමට නියමිත බවද සඳහන් වේ.
යුද, නාවික, ගුවන් හමුදා, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරමින් සහ රණවිරු පවුල් සාමාජිකයන් ඇතුළුව 2,700කට අධික පිරිසක් මෙම උත්සවයට එක්වීමට නියමිත බවද වාර්තා වෙයි.
ජාතික විජයග්රාහී සැමරුම හෙට ජනපති ප්රධානත්වයෙන්

