Homeසියලුම පුවත්ජුනි මාසයේ දින 7ට සංචාරකයින් 27,000 ඉක්මවයි

ජුනි මාසයේ දින 7ට සංචාරකයින් 27,000 ඉක්මවයි

ජුනි මාසයේ මුල් දින හත තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 27,043 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
නවතම දත්ත අනුව, එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 11,216ක් ලෙස වාර්තා වී තිබේ. එය සමස්ත පැමිණීම්වලින් සියයට 42කට ආසන්න ප්‍රමාණයකි.
එමෙන්ම එක්සත් රාජධානියෙන් 1,938ක්, ඔස්ට්‍රේලියාවෙන් 1,562ක් සහ චීනයෙන් 1,496ක් ද මෙම කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇත.
තවද, 2026 ජනවාරි 01 සිට ජුනි 07 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,049,065ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.
එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 261,476ක්, එක්සත් රාජධානියෙන් 100,031ක් සහ රුසියාවෙන් 76,332ක් මෙරටට පැමිණ ඇති බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments