බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය කර ඇති ‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්රාව’ අද (14) පස්වැනි දිනටත් ක්රියාත්මක වේ.ඒ අනුව, අද දිනයේ පාද යාත්රාව නිට්ටඹුව නගරයෙන් ආරම්භ කර කඩවත දක්වා ගමන් කිරීමට නියමිතය.මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇති මෙම පාද යාත්රාව පසුගිය 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගා පරිශ්රයෙන් ආරම්භ කෙරිණි.පළමු දිනයේදී කඩුගන්නාව දක්වාත්, දෙවැනි දිනයේදී කෑගල්ල දක්වාත් පාද යාත්රාව ගමන් කළේය. තෙවැනි දිනයේදී කෑගල්ලෙන් ආරම්භ වූ පාද යාත්රාව වරකාපොළ දක්වා පැමිණි අතර, සිව්වැනි දිනයේදී වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ගමන් කර තිබේ.මෙම පාද යාත්රාව හෙට (15) කොළඹට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.

