ඉදිරි දිනවලදී ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමිය යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු සඳහන් කළේ දැනට පවතින තත්ත්වය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් පමණ දක්වා ඉහළ දැමීම අවශ්‍ය වන අතර, පෙට්‍රල් මිල ද රුපියල් 20ත් 30ත් අතර ප්‍රමාණයකින් වැඩි විය යුතු බවයි.
ඉන්ධන මිල සංශෝධනය නොකළහොත් රුපියල අවප්‍රමාණය වීමේ අවදානම ඉහළ යන අතර, එය ආර්ථිකයට සහ උද්ධමනයට තවත් අහිතකර බලපෑම් ඇති කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකරන්නේ නම්, පොදු ප්‍රවාහනය සහ අඩු ආදායම්ලාභී ජනතාව වැනි තෝරාගත් කණ්ඩායම් සඳහා ඉලක්කගත සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බවද ධනනාත් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.
ඩීසල් ලීටරයක් රු.600 දක්වා ඉහළ දැමිය යුතුයි – ධනනාත් ප්‍රනාන්දු

