ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.
එම වාර්තාවට අනුව, මේ දක්වා ඩෙංගු රෝගීන් 80,114 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, රෝගය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තවදුරටත් විමසිල්ලෙන් පසුවෙයි.
ඩෙංගු මර්දන වැඩසටහන් සහ මදුරු මර්දන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර තිබේ.
ඩෙංගු මරණ සංඛ්‍යාව 59 දක්වා ඉහළට

