Homeසියලුම පුවත්ඩෙංගු රෝගීන් 47,500 ඉක්මවයි - මරණ 29ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගීන් 47,500 ඉක්මවයි – මරණ 29ක් දක්වා ඉහළට

මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 47,530 දෙනෙකු වාර්තා වී ඇති අතර, එම රෝගය හේතුවෙන් මරණ 29ක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඊයේ (22) මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ජුනි මාසයට පමණක් ඩෙංගු රෝගීන් 13,689 දෙනෙකු හඳුනාගෙන තිබේ.
සමස්ත රෝගීන්ගෙන් සියයට 51.9ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දකුණු පළාතෙන් සියයට 16.18ක් වාර්තා වී ඇත.
මේ වන විට ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 112ක් හඳුනාගෙන ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් (9,983), ගම්පහ දිස්ත්‍රික්කයෙන් (8,809) සහ මාතර දිස්ත්‍රික්කයෙන් (3,446) වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments