Homeසියලුම පුවත්ඩෙංගු රෝගීන් 55,000 පනී - මරණ 32ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගීන් 55,000 පනී – මරණ 32ක් දක්වා ඉහළට

මෙරටින් මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 55,406ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ගත වූ පැය 24 තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,024ක් හඳුනාගෙන ඇති අතර, ජූනි මාසයේදී පමණක් රෝගීන් 21,565ක් වාර්තා වී තිබෙනවා.
වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 11,392ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11,006ක් ලෙස දැක්වෙනවා.
මදුරුවන් බෝවන ස්ථාන විනාශ නොකිරීම ඩෙංගු ව්‍යාප්තියට ප්‍රධාන හේතුව බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ, විශේෂයෙන් රාජ්‍ය ආයතන සහ පාසල් අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments