Homeසියලුම පුවත්ඩෙංගු රෝගීන් 71,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාව 49 දක්වා ඉහළට

ඩෙංගු රෝගීන් 71,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාව 49 දක්වා ඉහළට

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,235 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ නවතම දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව ජූලි 14 වන විට ඩෙංගු ආසාදිත මරණ 49ක් වාර්තා වී ඇති අතර, එදින පමණක් නව රෝගීන් 1,284 දෙනෙකු හඳුනාගෙන තිබේ.

වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 37,490කි. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 14,736කි. කොළඹ දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 14,229ක් වාර්තා වී ඇත.

ජූලි මාසයේ පළමු දින 14 තුළ පමණක් ඩෙංගු රෝගීන් 15,856 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, වසර තුළ වැඩිම ආසාදිතයන් වාර්තා වූ මාසය ලෙස ජුනි මාසය සටහන් වන අතර එහි රෝගීන් සංඛ්‍යාව 21,538කි.

RELATED ARTICLES

Most Popular

Recent Comments