ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක මගින් පමණක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
කීට විද්‍යාඥ සකුන්තලා ජානකී මහත්මිය සඳහන් කළේ, ඩෙංගු රෝගය ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන වාහකයා ලෙස ක්‍රියා කරන්නේ ඊඩිස් ඊජිප්ටයි මදුරුවා බවයි. එම මදුරු විශේෂයේ ව්‍යාප්තිය ඉහළ යාම බොහෝ විට ඩෙංගු වසංගත තත්ත්වයන්ට පෙර නිරීක්ෂණය වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
අනෙකුත් මදුරුවන්ට වඩා වෙනස් හැසිරීමක් පෙන්නුම් කරන ඊඩිස් ඊජිප්ටයි මදුරුවා, කෙටි කාලයක් තුළ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් රුධිරය උරා බොන ස්වභාවයක් දක්වයි.
ඒ හේතුවෙන් ඩෙංගු වෛරසය ආසාදනය වූ එක් මදුරුවෙකුට කෙටි කාලයක් තුළ පුද්ගලයන් රැසකට රෝගය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පවතින බවද ඇය අවධාරණය කළාය.
එබැවින් ඩෙංගු මර්දන වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ ව්‍යාප්තිය පාලනය කිරීම ඉතා වැදගත් බවද ඇය සඳහන් කළාය.
ඩෙංගු ව්‍යාප්ත කරන්නේ මදුරු විශේෂ දෙකක් පමණයි

