Homeසියලුම පුවත්ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වූ සිද්ධියට නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වූ සිද්ධියට නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික පාර්ශවයකට බැරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම ගෙවීම සිදුකිරීමට පෙර e-mail පද්ධතිය භාර සමාගම අනතුරු ඇඟවීමක් සිදුකර තිබියදීත්, නිසි පසු විපරමකින් තොරව මුදල් මුදාහැර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට අයත් නිලධාරීන් 05 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
මෙම සිද්ධිය ව්‍යාජ e-mail ලිපිනයක් භාවිතා කරමින් සිදුකළ වංචාවක් බවට සැක කරන අතර, සම්බන්ධිත පද්ධතිවලට අනවසර ප්‍රවේශයක් තිබේද යන්න පිළිබඳවද තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතී.
මෙම විමර්ශනය සඳහා Interpol සහ Australian Federal Police ආයතනවල සහාය ද ලබාගෙන ඇති අතර, නඩුව ජුනි 03 වනදා නැවත කැඳවීමට නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments