කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (03) පෙරවරු 10.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (04) පෙරවරු 10.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වෙයි.
මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ අවස්ථානුකූලව රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය ගැන අවවාදයක්

