විජේ තමිල්නාඩුවේ 17 වන මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පළමු දිනයේම ප්‍රධාන සුභසාධන යෝජනා කිහිපයකට අත්සන් තබා තිබේ.
කාන්තා ආරක්ෂාව, තරුණ සුභසාධනය සහ මහජන යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ඔහු තීරණය කර ඇත.
ඒ අනුව, කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක ඒකකයක් පිහිටුවීම, නිවාස සඳහා නොමිලේ විදුලි ඒකක 200ක් ලබාදීම සහ සෑම දිස්ත්‍රික්කයකම මත්ද්‍රව්‍ය විරෝධී ඒකක පිහිටුවීම ඇතුළු තීරණ රැසක් ප්‍රකාශයට පත් කර තිබේ.
සිය දිවුරුම් දීමේ උත්සවයේදී විජේ මහතා, විනිවිදභාවයෙන් සහ දූෂණයෙන් තොර පාලනයක් ගෙනයන බවද අවධාරණය කළේය
තමිල්නාඩු මහ ඇමති විජේ පළමු දිනයේම වැඩ අරඹයි

