Homeසියලුම පුවත්තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් සමඟ නෞකාවක් 22 වැනිදා දිවයිනට

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් සමඟ නෞකාවක් 22 වැනිදා දිවයිනට

දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත් කරමින් පවතින බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව පෙරේදා දිනයේදී මෙරටට ළඟා වූ අතර, එහි ගෑස් තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව සමාගම සඳහන් කළේය.මේ අතර, ගෑස් රැගත් සිව්වැනි නෞකාව වන CORINTHIAN නෞකාවද මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් සමඟ ඔක්තෝබර් 22 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම තහවුරු කර තිබේ.මෙම ගෑස් තොග ලැබීමත් සමඟ දිවයින පුරා ගෑස් සැපයුම ස්ථාවර කරමින්, හිඟයකින් තොරව වෙළෙඳපොළට සාමාන්‍ය පරිදි ගෑස් බෙදාහැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවද සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments