ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා එක්ව සිදුකළ සාම පාගමන ආණ්ඩුව පෙරළීමේ අරමුණින් සංවිධානය කළ එකක් නොවන බව ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පවසති.ඥානසාර හිමියන් ජාතිවාදයේ හෝ දේශපාලනයේ නිරත නොවන බවත්, නොපවතින ආගම්වාදයක් සහ ජාතිවාදයක් පවතින බවට පෙන්වීමට ඇතැමුන් උත්සාහ කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.අද (20) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අනුනාහිමියෝ මේ බව ප්රකාශ කළහ.ඥානසාර හිමියන් වෙනුවෙන් තරුණ භික්ෂූන් වහන්සේලා සිදුකරන ක්රියාකාරකම් දේශපාලන ගමනක් ලෙස අර්ථකථනය කිරීම තමන් ප්රතික්ෂේප කරන බව පැවසූ උන්වහන්සේ, එම භික්ෂූන් වහන්සේලා එක්ව සිටින්නේ සිවුර සහ බුදු දහම වෙනුවෙන් බව අවධාරණය කළහ.යම් කරුණක් සම්බන්ධයෙන් ආණ්ඩුව විවේචනය කිරීම හෝ ඊට විරුද්ධව අදහස් දැක්වීම ආණ්ඩුවට එරෙහිවීමක් ලෙස සැලකිය නොහැකි බවද අනුනාහිමියෝ පෙන්වා දුන්හ. භික්ෂූන් වහන්සේලාට තම මතවාද සාමකාමීව හා තර්කානුකූලව ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබිය යුතු බවද උන්වහන්සේ පැවසූහ.එමෙන්ම, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කළ ආකාරය වැරදි බව සඳහන් කළ අනුනාහිමියෝ, එම ක්රියාවලිය නිසි ක්රමවේදයකට අනුව සිදුකළ යුතුව තිබූ බවද ප්රකාශ කළහ.මෙම ගැටලුවට විසඳුමක් ලැබෙන තෙක් අදාළ ක්රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

