Homeසියලුම පුවත්තෙල්දෙණියේ අබිරහස් කාන්තා මරණය ගැන හෝඩුවාවක් හමුවේ

තෙල්දෙණියේ අබිරහස් කාන්තා මරණය ගැන හෝඩුවාවක් හමුවේ

තෙල්දෙණිය රෝහල ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ (17) සවස මෙම මළ සිරුර හමුවී ඇති අතර, එම කාන්තාව ජූනි 03 සිට ජූනි 16 දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත්තේ මියගිය කාන්තාවගේ පෙම්වතා ලෙස සැකකෙරෙන පුද්ගලයෙකු විසින් බවද වැඩිදුරටත් වාර්තා වේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක් වූ වැලිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවද පොලීසිය සඳහන් කරයි.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක්ද යන්න සොයා බැලීමට නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.
මේ අතර, සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා කාන්තාව හෝටලයෙන් රැගෙන යන ආකාරය CCTV දර්ශනවල සටහන් වී ඇති බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments