තෙල්දෙණිය, වික්ටෝරියා ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 36 දෙනෙකු සහ සැකකාරියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී ගංජා මිලිග්‍රෑම් 947ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 657ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 276ක් සහ මල්පෙති 18ක් සොයාගත් බවයි.
එමෙන්ම නීතිවිරෝධී දුම්වැටි 21ක්, බියර් මිලිලීටර් 500 කෑන් 35ක් සහ රජයේ අරක්කු මිලිලීටර් 750 බෝතල් 13ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21ත් 40ත් අතර පසුවන අතර, ඔවුන් ගෙලිඔය, අළුත්වත්ත, වරකාපොල, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර සහ හඟුරන්කෙත ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
සැකකාරියන් වයස අවුරුදු 22ත් 43ත් අතර පසුවන අතර, ඔවුන් පල්ලේකැලේ, පේරාදෙණිය, හඟුරන්කෙත, දෙහිවල සහ කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය සඳහන් කළේය.

