Homeසියලුම පුවත්දළුව මෝය කටේ දියේ ගිලී තරුණ තිදෙනෙකු ජීවිතක්ෂයට

දළුව මෝය කටේ දියේ ගිලී තරුණ තිදෙනෙකු ජීවිතක්ෂයට

නොරොච්චෝල දළුව මෝය කටේ දිය නාමින් සිටියදී දියේ ගිලී තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මියගොස් ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 17, 21 සහ 25 හැවිරිදි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ඥාති සහෝදරයෙකි.
පවුලේ සාමාජිකයින් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, දියේ ගිලෙමින් සිටි සහෝදරියන් දෙදෙනා බේරා ගැනීමට උත්සාහ කළ තරුණයාද අවසානයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
සිද්ධියෙන් මියගිය 25 හැවිරිදි තරුණයා සිංගප්පූරුවේ සේවය කරමින් සිට නිවාඩුවකට මෙරටට පැමිණ සිටි අයෙකු බවද වාර්තා වෙයි.
මේ අතර, පුත්තලම නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා පෙන්වා දෙන්නේ දළුව මෝය කට ප්‍රදේශය ඉතා අනතුරුදායක ස්ථානයක් වන අතර, එහි අනතුරු ඇඟවීමේ පුවරු නොමැතිවීම කනගාටුදායක තත්ත්වයක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments