Wednesday, April 22, 2026
Homeසියලුම පුවත්දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන්දි මැයි අවසන් වීමට...

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන්දි මැයි අවසන් වීමට පෙර ගෙවීමට උපදෙස්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇති අතර, වන්දි ගෙවීම් කඩිනම් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.
එමෙන්ම, පූර්ණ හානියට පත් නිවාස සඳහා නව නිවසක් ලබා දීම හෝ නිවසක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේ ප්‍රගතියද මෙහිදී සලකා බැලුණු බව වාර්තා වේ.
තවද, තාවකාලික කඳවුරුවල සිටින ජනතාවට නව නිවාස ලැබෙන තෙක් තාවකාලික වාසස්ථාන සපයීම සහ එ සඳහා සුදුසු ස්ථාන හඳුනාගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් වෙනත් ආරක්ෂිත ස්ථානවලට පදිංචි කරවීම සහ වන්දි ලබා නොගත් පිරිස සඳහා නව නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments