ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් “Walk For Peace” සාම පාගමන අද (22) දඹුල්ලෙන් ආරම්භ වන අතර, එය අප්‍රේල් 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට සංවිධානය කර තිබේ.
මෙම පාගමන අද උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී භික්ෂූන් වහන්සේ 200කට අධික පිරිසක් අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා ප්‍රාන්ත 10ක් හරහා දින 110ක් පුරා පාගමනක් සිදු කරමින් ලෝකයේ අවධානයට පත් වූහ.
එම පාගමන “ඒහිපස්සිකෝ” සාම පාගමන ලෙස මෙරටදී අප්‍රේල් 28 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මෙම පාගමනට “ආලෝකා” නම් සුනඛයෙකුද එක්ව සිටින අතර, පළමු දිනයේ ගමන් මාර්ගය ලෙස දඹුල්ල සිට මාතලේ අලුවිහාරය දක්වා ගමන් කිරීමට නියමිතය.
සාමයේ “Walk For Peace” පාගමන අද දඹුල්ලෙන් ආරම්භ වෙයි

