කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන පස්වරු 2.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයෙන් තරමක තද සුළං හමා යා හැකි බවට අනතුරු අඟවා තිබේ.
මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වාත්, මුලතිව් සිට කන්කසන්තුරය හා මන්නාරම හරහා පුත්තලම දක්වාත් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශද මද වශයෙන් රළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං හමා යා හැකි බැවින් එම ප්‍රදේශ ඉතා රළු විය හැකි බවටද අවවාද කර ඇත.
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

