දිස්ත්රික්ක හයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 24ක් සඳහා නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම් හෙට (26) පස්වරු 4.00 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටියන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් ක්රියාත්මක වේ.
රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැළියගොඩ ප්රදේශවලට ද එම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව සඳහන්ය.
මේ අතර, කොළඹ දිස්ත්රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්රික්කයේ පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය සහ හොරණ යන ප්රදේශවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එමෙන්ම, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්රික්කයේ කිරිඇල්ල, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත සහ කලවාන ප්රදේශ සඳහා ද පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.
දිස්ත්රික්ක හයකට නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

