Homeසියලුම පුවත්දේපොළ සොරකමකට කාන්තාවන් තිදෙනෙකු සමග 4ක් අත්අඩංගුවට

දේපොළ සොරකමකට කාන්තාවන් තිදෙනෙකු සමග 4ක් අත්අඩංගුවට

නිවසක් බිඳ රුපියල් එක්කෝටි හතළිස් එක්ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජූලි 18 වැනිදා සිදුවූ මෙම සොරකම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඊයේ (06) දෙහිවල සහ හැටන් පතන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සොරකම් කළ බවට සැක කෙරෙන රන් කරාඹු ජෝඩු 8ක්, රන් පෙන්ඩන් 4ක්, වළල්ලක්, රන්මාල 10ක්, අත් පළඳනාවක් සහ රන්මුදු 2ක් ඇතුළු දේපොළ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 28, 46 සහ 53 වයස්වල පසුවන අතර, සැකකරු 28 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments