Homeසියලුම පුවත්ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (16) පෙරවරු 10.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (17) පෙරවරු 10.30 දක්වා බලපැවැත්වේ.

කංකසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද පැයට කිලෝමීටර් 45ත් 50ත් අතර දක්වා ඉහළ යා හැකි බව දැනුම් දී තිබේ.

ඒ අනුව ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments