Homeසියලුම පුවත්නව යොවුන් වියේ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාම ගැන රජයේ අවධානය

නව යොවුන් වියේ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාම ගැන රජයේ අවධානය

නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය වසරවලට සාපේක්ෂව පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග (STI) වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුව ඇති අතර, අග්‍රාමාත්‍යවරිය, ළමා කටයුතු අමාත්‍යවරිය සහ අදාළ ආයතන එක්ව මෙම ප්‍රවණතාව පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
මේ අතර, මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තිරවලට අධික ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් මොළයේ සිදුවන වෙනස්කම් දරුවන් පසුකාලීනව මත්ද්‍රව්‍ය භාවිතය වෙත යොමු වීමේ අවදානමද ඉහළ නංවන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments