Homeසියලුම පුවත්නාගොඩ වෙඩි ප්‍රහාරයකින් අවන්හල් හිමිකරු මරුට – බිරිඳ රෝහලේ

නාගොඩ වෙඩි ප්‍රහාරයකින් අවන්හල් හිමිකරු මරුට – බිරිඳ රෝහලේ

කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට අද (9) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් එහි හිමිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රහාරය සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවය.

මියගිය පුද්ගලයා 54 හැවිරිදි අයෙකු වන අතර, තුවාල ලැබූ ඔහුගේ බිරිඳ 52 හැවිරිදි වියේ පසුවන්නීය. ඔවුන් දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බව වාර්තා වේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ කළුතර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments