Homeසියලුම පුවත්නාවික හමුදාව භාවිත කරන ඉඩම් නිරීක්ෂණයට ආරක්ෂක නියෝජ්‍ය ඇමති

නාවික හමුදාව භාවිත කරන ඉඩම් නිරීක්ෂණයට ආරක්ෂක නියෝජ්‍ය ඇමති

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ඊයේ (25) මන්නාරම් දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ සහ උතුරුමැද නාවික විධානයන් භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කර තිබේ.
මෙම සංචාරයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම, මුහුදු සීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නාවික හමුදාව ගෙන යන මෙහෙයුම් පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇත.
අදාළ නාවික ප්‍රදේශ භාර ආඥාපතිවරුන් විසින් මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර, ඔවුන්ගේ කාර්යභාරය අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුර උපදෙස් ද ලබාදී තිබේ.
ඉන් අනතුරුව මුල්ලික්කුලම්, සිලාවතුර, තලෙයිමන්නාරම, වන්කාලපාඩුව සහ පල්ලිමුනෙයි ප්‍රදේශවල නාවික හමුදාව භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කළ ඔහු, ප්‍රදේශවාසීන් හමුවී ඔවුන් මුහුණදෙන නිවාස, සුබසාධන සහ ධීවර ගැටලු පිළිබඳවද සොයා බැලීය.
එම ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද එහිදී සඳහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments