Homeසියලුම පුවත්නිදන් හෑරූ සැකකරුවෙක් අත්අඩංගුවට

නිදන් හෑරූ සැකකරුවෙක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් අනවසරයෙන් කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු දඹගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (20) දින දඹගල්ල පොලිස් වසමේ කොට්ටගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
වැටලීමේදී සැකකරු සතුව තිබූ කැණීම් සඳහා යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා 51 හැවිරිදි නාමල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments