පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා නීතිඥ උපදෙස් මත සිය උපවාසය අවසන් කර තිබෙනවා.
උපවාසය හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය පිරිහීමත් සමඟ ඔහු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විමර්ශනවලින් ඉවත් කිරීම සහ රැඳවුම් ස්ථානය වෙනස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සලේ මහතා මෙම උපවාසය ආරම්භ කර තිබුණා.
නීතිඥ උපදෙස් මත සුරේෂ් සලේ උපවාසය නවතයි

