Homeසියලුම පුවත්පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට යතුරුපැදි සහ වැටුප් වැඩිවීමක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට යතුරුපැදි සහ වැටුප් වැඩිවීමක්

ඉදිරියේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ රාජකාරි පහසු කිරීම සඳහා යතුරුපැදි ලබාදීමටත්, ලබන ජනවාරි මාසයේ සිට නියමිත වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කිරීමටත් රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට අද (26) එක්වෙමිනි.
කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහල හි නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන යමින් ජනතාවට අමතර බරක් නොදෙමින් ආර්ථිකය කළමනාකරණය කිරීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.
මෙම පුහුණුව දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 11කදී පවත්වා ඇති අතර, මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ක්ෂේත්‍ර රාජකාරි අධීක්ෂණය ඇතුළු වගකීම් මෙම නිලධාරිනියන් වෙත පැවරී ඇත.
තවද, ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැත්වූ මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවට හිමි වූ ඇගයීම සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ කැපවීම විශාල දායකත්වයක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments