ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ඔහුට එරෙහිව තීන්දුවක් ලබා දී ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
කපිල පෙරේරා මහතා සිය ඉල්ලා අස්වීමේ තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතද දැනුම් දී ඇති අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයටද ඒ පිළිබඳ නිල වශයෙන් දන්වා ඇති බව වාර්තා වේ.
රාජ්‍ය සේවයේ කාලය අවසන් වීමත් සමඟ ඔහු යළි විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බවද සඳහන්ය.
මහාචාර්ය කපිල පෙරේරා මහතා මීට පෙර මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද කටයුතු කර තිබුණි.
ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි

