අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
අද දිනයේ ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයටයි.
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධියකදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිය වගකීම් නිසි ලෙස ඉටු නොකළ බව පවසමින් මෙම විශ්වාසභංග යෝජනාව පසුගිය 21 වැනිදා කථානායකවරයා වෙත භාරදී තිබුණි.
ඒ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති අතර, ඒ හේතුවෙන් අද දිනයට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා පසුව විවාදයට ගැනීමට නියමිතය.
.පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – විශ්වාසභංගය අද විවාදයට

