Homeසියලුම පුවත්පැනමාවේ ප්‍රබල භූමිකම්පාවෙන් පසු පසුකම්පන රැසක් – ගොඩනැගිලිවලටත් හානි

පැනමාවේ ප්‍රබල භූමිකම්පාවෙන් පසු පසුකම්පන රැසක් – ගොඩනැගිලිවලටත් හානි

පැනමාවට බලපෑ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් පසු පසුකම්පන 80කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

මෙම භූමිකම්පාව මෙරට වේලාවෙන් ඊයේ (9) රාත්‍රියේ සිදුව ඇති අතර, එය පැනමා නගරයට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ජනාවාස අඩු ප්‍රදේශයක කිලෝමීටර් 12.6ක ගැඹුරින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කරයි.

භූමිකම්පාවත් සමඟ කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ අතර, පසුව එම අනතුරු ඇඟවීම් ඉවත් කර ඇත.

භූමිකම්පාව හේතුවෙන් පැනමාවේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති අතර, පෙනොනෝම් නගරයේ ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂාව පතා වීථිවලට පැමිණ ඇති අතර, පළාත් හයක විදුලි බිඳවැටීම් ද වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, භූමිකම්පාවෙන් සිදුවූ හානි පිළිබඳ තක්සේරු කිරීම් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. පැනමා ඇළ සහ කොබ්‍රේ පැනමා තඹ පතල ඇතුළු ප්‍රධාන ආර්ථික මර්මස්ථානවල මෙහෙයුම් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments