අම්බලන්තොට, මාමඩල ප්රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඔහුගේ හිස ප්රදේශයේ පිහිටි පිළිරුවක් මත තැබූ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ශ්රී ලංකා පොලීසියට හැකිවී තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනාම මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය පෙර සිදුවූ ඝාතනයකට පළිගැනීමක් ලෙස සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි ලක්මාල් සඳරුවන් හෙවත් “පොඩී” නමැති පුද්ගලයෙකු බවත්, ඔහු මීට පෙර සිදුවූ ත්රිත්ව ඝාතන සිද්ධියකටද සැකකරුවෙකු ලෙස නම්ව තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඝාතනය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් සිදුව ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටී.
පිළිරුවක් මත හිස තැබූ අමානුෂික ඝාතනයේ තොරතුරු හෙළිවෙයි

