Homeසියලුම පුවත්අඩුපීඩන කලාපය පැය 48කින් දිවයිනෙන් ඉවතට

අඩුපීඩන කලාපය පැය 48කින් දිවයිනෙන් ඉවතට

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 48 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇති බවයි.
අද (13) පස්වරු නිකුත් කළ නිවේදනයට අනුව, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින දෙක තුළද දිවයිනේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර ඇතුළු ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවට දැනුම්දී තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments