Homeසියලුම පුවත්පොළොන්නරුවෙන් අද වැඩිම උෂ්ණත්වය වාර්තා වෙයි

පොළොන්නරුවෙන් අද වැඩිම උෂ්ණත්වය වාර්තා වෙයි

අද (21) දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 37.2ක අගයක් පොළොන්නරුව කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය එය වන අතර, දෙවැනියට වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.8ක් ලෙස මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ අනවශ්‍ය ලෙස දැඩි අව්වේ ගැවසීමෙන් වැළකී සිටින ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබාදී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments