Homeසියලුම පුවත්බද්දේගම වෙඩි ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළට

බද්දේගම වෙඩි ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළට

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

ඒ අතරින් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයා පළමුව මියගොස් ඇති අතර, පසුව තුවාල ලබා සිටි තවත් කාන්තාවක්ද මියගොස් තිබේ.

ඒ අනුව වෙඩි ප්‍රහාරයෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments