Homeසියලුම පුවත්බන්ධනාගාර නීති සංශෝධන ක්‍රියාවලියට විශේෂ කමිටුවේ අවධානය

බන්ධනාගාර නීති සංශෝධන ක්‍රියාවලියට විශේෂ කමිටුවේ අවධානය

බන්ධනාගාර ආඥාපනත යටතේ පනවා ඇති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුව ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී රැස්ව තිබේ.

පසුගිය 08 වැනිදා ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුව මෙම කමිටුව පත් කර ඇත.

අදාළ රැස්වීමට කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

එමෙන්ම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් මහත්මිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න මහතා සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා ද ඊට එක්ව සිටියහ.

මෙහිදී අදාළ යාවත්කාලීන කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් ලබා දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments