වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) සිට ක්රියාත්මක කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධන ප්රතිපත්තියට අනුව මෙවර සිදුකළ යුතු සංශෝධනය පිළිබඳ යෝජනා ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් බස් සංගම් සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවටද ඔහු චෝදනා කළේය.
අපේක්ෂිත පරිදි බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවුණහොත් අධිකරණ ක්රියාමාර්ග වෙත යොමුවන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි.
මේ අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව මේ වනවිට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එය ක්රියාත්මක කරන බවයි.
බස් ගාස්තු සංශෝධනය හෙට සිට ක්රියාත්මක කරන්නැයි ඉල්ලීමක්

