Homeසියලුම පුවත්ජපානය පරදවා බ්‍රසීලය අවසන් 16 දෙනාට

ජපානය පරදවා බ්‍රසීලය අවසන් 16 දෙනාට

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 32 දෙනාගේ වටයේදී ජපානය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන තිබේ.
තරගයේ පළමු ගෝලය 29 වැනි මිනිත්තුවේදී ජපානය වෙනුවෙන් කයිෂු සනෝ වාර්තා කළ අතර, 56 වැනි මිනිත්තුවේදී කැසෙමිරෝ බ්‍රසීලය වෙනුවෙන් සමකරන ගෝලය ලබා ගත්තේය.
නියමිත මිනිත්තු 90 අවසානයේදී කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සම තත්ත්වයේ පසුවූ අතර, අතිරේක කාලයේ අවසන් මොහොතේ ගේබ්‍රියල් මාර්ටිනෙල්ලි රැස් කළ ගෝලයත් සමඟ බ්‍රසීලය ජය තහවුරු කළේය.
මේ අතර, දකුණු අප්‍රිකාව සමඟ පැවති තවත් අවසන් 32 දෙනාගේ තරගයේදී කැනඩාව ගෝල 1-0ක් ලෙස ජය වාර්තා කළේය.
නියමිත කාලය තුළ කිසිදු කණ්ඩායමකට ගෝලයක් ලබාගැනීමට නොහැකි වූ අතර, අතිරේක කාලයේදී ස්ටීවන් යුස්ටාකියෝ ලබාගත් ගෝලය කැනඩාවේ ජයග්‍රහණයට හේතු විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments