ඊයේ (29) දිනයේ අනුරාධපුර, ගල්කිරියාගම, සමනලවැව සහ ගිරානේගම ප්රදේශවල සිදුවූ වෙන වෙනම රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අනුරාධපුර සාලියපුර ප්රදේශයේදී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් 17 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති අතර, බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිරියාගම ප්රදේශයේදී යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් 16 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකය.
සමනලවැව පඹහින්න ප්රදේශයේදී පාලනයෙන් ගිලිහුණු යතුරුපැදියක පසුපැදිකරු බස් රථයක ගැටීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර, බස් රථයේ රියැදුරුද අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, ගිරානේගම ආනකටාව ප්රදේශයේදී ලොරි රථයක් ඉස්සර කිරීමට උත්සාහ කළ යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී ත්රීරෝද රථයක ගැටීමෙන් 20 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ අනතුරු සම්බන්ධයෙන් අනුරාධපුර, ගල්කිරියාගම, සමනලවැව සහ ගිරානේගම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.
දිවයිනේ ප්රදේශ රැසක රිය අනතුරු – සිව්දෙනෙකු ජීවිතක්ෂයට

