බස්නාහිර පළාතේ රෝහල් රැසක් ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේ වනවිට දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 59,638 දෙනාගෙන් 52.4%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, රෝගීන්ගේ ඉහළ යාමත් සමඟ මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බවට එම ඒකකය අනතුරු අඟවා තිබෙනවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා බස්නාහිර පළාතේ වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇති බවද සඳහන් වනවා.
බස්නාහිර රෝහල් රැසක් ඩෙංගු රෝගීන්ගෙන් පිරෙයි

