Homeසියලුම පුවත්අද සිට නව බස් ගාස්තු ක්‍රියාත්මකයි

අද සිට නව බස් ගාස්තු ක්‍රියාත්මකයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අද (06) සිට නව බස් ගාස්තු ක්‍රියාත්මක වනවා.
මෙම සංශෝධනය යටතේ බස් ගාස්තු සියයට 12 සිට 20 දක්වා ඉහළ දමා ඇති අතර, අවම බස් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා වැඩි කර තිබෙනවා.
සුඛෝපභෝගී සහ අධිවේගී බස් ගාස්තුද සංශෝධනය කර ඇති අතර, නව ගාස්තු පිළිබඳ පරීක්ෂා කිරීම් අද සිට දිවයින පුරා සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments