Homeසියලුම පුවත්බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී සිව් දෙනෙකු මරුට

බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී සිව් දෙනෙකු මරුට

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කැලෑබද ප්‍රදේශයකට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ යානයේ ගුවන් නියමුවා සහ තවත් මගීන් තිදෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගිය මගීන් තිදෙනා කොලොම්බියානු ජාතික සංචාරකයින් බව ද වාර්තා වේ.

බ්‍රසීලයට පැමිණෙන සංචාරකයින් සඳහා ගුවන් ගමන් සපයනු ලබන සමාගමකට අයත් යානයක් මෙලෙස කඩා වැටී ඇති බව සඳහන්.

අදාළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු ගින්නක් ද ඇති වී ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ අංශ ද එම ස්ථානයට ළඟා වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments